lakbima.lk

අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!

මීට සුලු වේලාවකට පෙරාතුව වාර්තා වන පුවතකට අනුව ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාව තුළ නැවත හටගත් තද සුළං හා ලැව් ගිනි තත්වයක් හේතුවෙන් සිඩ්නි හා මෙල්බර්න් ගුවන් මෙහෙයුම් තාවකාලිකව නවතා ඇති බවට වාර්තා වෙයි. මේ වන විට හමා යන සුළ‍‍‍‍ඟේ වේගය පැයට කිලෝ මීටර් 70 කි.  

ඒ අනුව සියලු ගුවන් වාර අවලංගු කිරීම‍ට ගුවන් තොටුපළ බලධරයින්ට සිදුව ඇත. සිඩ්නි ගුවන්තොටුප‍ළේ ගමන් වාර 76 ක් අත්හිටුවා ඇති අතර මෙල්බර්න් ගුවන් තොටුපළ තුළ සිදු වන ගුවන් මෙහෙයුම් සීමා කිරීමට පියවර ගෙන ඇත.

හමා යන සුළඟ හේතුවෙන් හටගත් ලැව් ගිනි තත්වයන් 21 ක් මේ වන විට නිව් සවුත් වේල්සය හරහා වාර්තා වී ඇත. ඕස්ට්‍රේලියානු ගිනි නිවීම් අංශ මේ වන විටත් ලැව් ගිනි තත්වයන් මැඩ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරමින් සිටියි.

ඒ අතර ප්‍රථම වරට බෝයින්ග් 737  ගුවන් යානාවක් හරහා උතුරු සිඩ්නි ප්‍රදේශය වෙත විශාල ජල බෝම්බ දැමීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු සම්පාදනය කර ඇත. මෙම ගුවන් යානාව මඟින් ලීටර් 15 000 ක ජල ප්‍රමාණයක් ලැව් ගිනි ප්‍රදේශ වෙත ‍මුක්ත කරනු ලැබේ.

මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමට මූලික හේතුව වන්නේ පසුගිය දෙදින තුළ හටගත් දූවිලි කුණාටුව බව බලධරයින් තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.