lakbima.lk

ස්ට්‍රා්‍ෙබෙරි තුළ ඉදිකටු සැඟවූ කත අධිකරණයට



ස්ට්‍රා්‍ෙබෙරි ගෙඩි තුළ ඉදිකටු සැඟවු ඔස්ට්‍රේලියානු කාන්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර හුදෙක් දුෂ්ට චේතනාවෙන් ඇය මෙසේ කළ බව හෙළි වී තිබේ. සැප්තැම්බර් මාසයේ සිට රට පුරා සිදුකෙරුණු සෝදිසි මෙහෙයුමකින් පසු පසුගිය ඉරිදා මෙම පනස්හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගන්නා ලදි. බ්‍රිස්බේන් හි ස්ට්‍රා්‍ෙබෙරි ගොවිපළක වැඩ පරීක්ෂකවරියක ලෙස ඇය සේවය කොට තිබේ. ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය අයුතු ලෙස වෙනස් කිරීම සඳහා ලබාදෙන දඬුුවම මෑතකදී වසර පහළොවක සිර දඬුවමක් දක්වා වැඩි කරන ලදී. චෝදනා හතක් යටතේ මෙම කාන්තාවට නඩු පවරා ඇති අතර තමා මෙයට විරුද්ධව කටයුතු කරන බවක් ඇය පවසා නැත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.