lakbima.lk

ෂරිෆ්ට විදෙස් ප්‍රතිකාර දෙන්න ඉම්රාන් හරහට

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් දැන් සිටින්නේ සිරගතවය. ඒ සිය පාලන කාලයේදී රාජ්‍ය දේ‍පොළ අවභාවිත කිරීමේ වරදට දඬුවම් හැටියටයි. එසේ සිර දඬුවම් විඳින ෂරීෆ් මේ දිනවල ගිලන්ව සිටී. ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත විදෙස් රටකට යවා තම නායකයාට ප්‍රතිකාර ලබා දිය යුතු යැයි ඔහුගේ පක්ෂය වන මුස්ලිම් ලීගයේ සෙසු නායකයෝ කියති.

ඒත් ඔවුන්ගේ එම ප්‍රකාශයන් හා ඉල්ලීම් පාකිස්තානයේ වත්මන් අගමැති ඉම්රාන් ඛාන් එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ ඉස්ලාමාබාද් නුවරදී එරට ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවකදීය.

ඔහු (නවාස් ෂරීෆ්) ප්‍රතිකාර සඳහා විදේශයකට යවනවා නම් සිරගතව සිටින තවත් එක්ලක්ෂ පනස් දහසක් පමණ වූ සිරකරුවන්ද අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශවලට යැවිය යුතුයි ඉම්රාන් කියා සිටී.

නවාස් තුන් වතාවක් පාකිස්තානයේ අගමැති හැටියට රට පාලනය කළා. ඒ කාලයේදී ඔහු සතුව තිබූ කර්මාන්ත ශාලා ගණන එකේ සිට තිහ දක්වා වැඩිවුණා. ඒත් ඔහු තමන්ට ප්‍රතිකාර ලබාගන්න තරම් සුදුසු රෝහලක් රටට හදලා නෑ. ඒක නිසානේ ඒ අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෙන රටවලට යන්න හදන්නේ යැයිද අගමැති ඉම්රාන් එහිදී කියා තිබේ. මෙවැනි දේ සඳහා මහජන මුදල් නාස්ති නොකළ යුතු බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.