lakbima.lk

උ/කොරියාව න්‍යෂ්ටික ‍පොරොන්දු කඩයි

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩ පිළිවෙල නතර කර දමන බවට ගිවිසුම් මගින් ‍පොරොන්දු වුවත් එම ‍පොරොන්දු කඩකර ඇතැයි ඇමෙරිකානු බුද්ධි අංශ ඇමෙරිකානු සෙනේට් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා තිබේ.

පසුගිය ජුනි මාසයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර සිංගප්පූරුවේදී පැවැති හමුවේදී තම රටේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කරන බවට කොරියානු නායකයා ‍පොරොන්දු වී සිටියේය.

දෙරටේ නායකයන් අතර පළමු හමුවේ දිගුවක් වශයෙන් දෙවැනි වතාවටත් නිල සාකච්ඡා වටයක් පැවැත්වීම සඳහා මේ දිනවල සැලසුම් සකස් වෙමින් තිබුණත් උතුරු කොරියාව පෙර සාකච්ඡාවේදී වූ ‍පොරොන්දුව ඉටු කර නොමැති බව ඉහත වාර්තාව පෙන්වා දෙයි.

ලොව පුරා රාජ්‍යයන්ගෙන් තම රටට ඇති තර්ජන සම්බන්ධයෙන් ඇමෙරිකානු බුද්ධි අංශය සිදු කරන රහසිගත සොයා බැලීම් පිළිබඳ වාර්තාව වන මේ මගින් චීනය හා රුසියාව විසින් ඇමෙරිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ඇතැයිද පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් උතුරු කොරියාව කියන්නේ ගිවිසුම යථාර්ථයක් වීමට නම් තමන් පමණක් නොව ඇමෙරිකාවද න්‍යෂ්ටික අවිවලින් ඉවත් විය යුතු බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.