lakbima.lk

වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ හිටපු හමුදාපති වූ ද රැම්බෝ යන අනවර්ත නාමයෙන් හඳුන් වන්නා වූ ද ඇල්ෆර්ඩ් යෙකාටොම් හෙට (24) දින ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු විභාගයට  ඉදිරිපත් කිරීමට සියලුම විධි විධාන යොදා අවසන් යැයි වාර්තා වේ.

යෙකාටොම් හට එරෙහිව ප්‍රධාන කරුණු 14 ක් ඔස්සේ යුද අපරාධ චෝදනා ගොණු කර ඇත. ඒවා අතර 2013 දී රාජ්‍ය බලය අනිසි ලෙස අල්ලා ගැනීමට තැත් කිරීම, මනුෂ්‍යත්වයට එරෙහි සංහාර, යුධ අපරාධ සිදු කිරීම ප්‍රධාන ය. 2016 දී  මධ්‍යම අප්‍රිකානු ජන රජයේ අගමැති ධූරයට පත් වන මොහු වසර 3 ක් මුළුල්ලේ එම රාජ්‍යයේ වෙසෙන මුස්ලිම්වරුන්ට ප්‍රහාර හා වධ හිංසා සිදු කිරීම නොකඩවා සිදු කළ අතර හමුදා සේවය සඳහා ළමා සොල්දාදුවන් දහස් ගණනක් යොදා ගෙන ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී එරට පාර්ලිමේන්තුව තුළ කළ අහසට වෙඩි තැබීමක් හේතුවෙන් ඔහු සිරභාරයට ගත් අතර මෙතක් කළ සියලු වැරදි සඳහා දඬුවම් පැමිණවීම හෙට දිනයේ සිට විභාග වනු ඇත .  මධ්‍යම අප්‍රිකානු ජන රජයෙන් යුද අපරාධ චෝදනා ලබා යුද අපරාධ අධිකරණයට රැගෙන යන පළමු පුද්ගලයා වන්නේ ද මොහු ය.  

 

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.