lakbima.lk

ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල

මේ වන විට ප්‍රංශයේ පවතින ඉන්ධන අර්බුදයට එදිරිව උද්ඝෝෂණයේ නියැලී සිට තුවාල වූ පුද්ගලයන් සංඛ්‍යාව  400 ක් දක්වා ඉහළ ගොස්  ඇති බවට ප්‍රංශ පුවත් සේවා සඳහන් කර සිටියි. ලෝක වෙළඳපල තුළ ඉන්ධන සාපේක්ෂව ප්‍රංශයේ ඉන්ධන මිල තවත් ඉහළ යාම මීට ප්‍රධාන  හේතු වී ඇතැයි පැවසේ.

ප්‍රංශ ජනාධිපති විසින් ඩීසල් මිල 23% කින් වැඩි කීරීම, හයිඩ්රොකාබන් බදු ප්‍රතිශත  ඉහළ දැමීම කෙරෙහි ජනතා අපසාදය වර්ධනය වීමට සිදු වී ඇත. මෙම ඉන්ධන වැඩි වීමට එරෙහිව ප්‍රංශයේ විවිධ ස්ථාන 2000 කට එක් වූ   288 000 ජනයා දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කිරීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය (17) සෙනසුරාදා  ය.

කෙසේවෙතත් කලහකාරී ලෙස හැසිරුණු පිරිස් හේතුවෙන් දරුණු ගැටුම් හට ගැනීමත් සමඟ තත්වය උත්සන්න වී ඊයේ (18) දින දක්වා උද්ගෝෂණය පැවතුණි. මේ වන විට ප්‍රංශ පොලීසිය මඟින් කළහකාරී ලෙස හැසිරුණු  උද්ඝෝෂකයින් 150 ක් අත් අඩංගුවට  ගෙන ඇති අතර 300 ක් ප්‍රශ්න කිරීම් සඳහා යොමු කර ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.