lakbima.lk

ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ

මේ වන විටත් පැතිර යන ‘සලාද වසංගතයක්’ හේතුවෙන් ඇමරිකාවේ හා කැනඩාවේ  පුද්ගලයන් 32 ක් රෝහල්ගත කර ඇත. ඒ රොමේයින් වර්ගයට අයත් සලාද කොළ පරි‍භෝජනය කිරීමෙන් අනතුරුව  ‘ඊ කොලී බැක්ටීරියාව’ ‍වැළඳීමෙනි.

මේ වන විට ඇමරිකාවේ රොමේයින් සලාද විකිණීම ,පරි‍‍භෝජනය හා ආහාර සමඟ මිශ්‍ර කිරීම තහනම් කර ඇත. කැනඩාවේ ද මෙම සලාද වසංගතය ඔන්ටේරියෝ හා ක්වීබෙක් ප්‍රාන්ත වල දක්නට ලැබේ. එමෙන් ම ඇමරිකාවේ ප්‍රාන්ත වන කැලිෆෝර්නියා, කනෙක්ටිකට්, ඉලිනොයිස්, මැෂවුසෙට්ස්, ‍මේරිලන්ඩ්, නිව් හැම්ප්ෂයර්, නිව් ජර්සි, නිව්යෝර්ක්, ඔහියෝ, විස්කොන්සින් යන ප්‍රාන්ත තුළ ද මෙම රෝගී තත්වය පැතිර යනු  දක්නට ලැබේ.

'ඊ කොලී බැක්ටීරියාව' හේතුවෙන් පුද්ගල සිරුර තුළ අධික වමනය. පාචනය හා වකුගඩු අක්‍රීයත්වය සිදුවන බව වෛද්‍ය මතයයි. කෙසේවෙතත් මෙම සලාද වසංගතය පසුගිය ජුනි මාසයේ ද පැතිරීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.