lakbima.lk

දිල්ලියේ හෝටලයක ගින්නකින් 17 මරුට


ඉන්දියාවේ නව දිල්ලි නුවර හෝටලයක ඇතිවූ ගින්නකින් 17 දෙනෙකු මිය ගොස් ඇත. මධ්‍යම දිල්ලි නුවර ජනාකීර්ණ ප්‍රදේශයක් වන කැරොල් බාග් (Karol Bagh) ප්‍රදේශයේ ආර්පිට් පැලස් (Hotel Arpit Palace) නම් හෝටලය අද (12) අළුයම මෙසේ ගිණි ගැනීමට ලක්ව තිබේ. මිය ගිය අය අතර කුඩා ළමයෙකුද සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වන විට 35 දෙනෙකු බේරා ගෙන ඇති අතර ගින්න ඇතිවන අවස්ථාවේ බොහෝ පිරිස් නින්දේ පසූවී ඇත. තෙමහල් හෝටලයේ ඉහළ මහලේ ගින්න ඇති වී ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව ගිණි නිවීමේ හමුදාව සැකකරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.