lakbima.lk

ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !

ඉන්දුනීසියානු දූපතක් වූ කපෝටා වෙරළට ගොඩ ගැසූ විශාල තල්මස් සිරුරකින් කිලෝ 6 ක ප්ලාස්ටික් තොගයක් හමු වූ පුවතක් විදෙස් පුවත් ඔස්සේ වාර්තා වී ඇත. මෙම තල්මස් සිරුර හමු වී ඇත්තේ කපෝටා හි පිහිටා ඇති වකාටොබි ජාතික උද්‍යාන පරිශ්‍රය ආසන්නයෙනි.

දිග මීටර් 9.5 ක් වන තල්මස් සිරුරින් හමු වූ ප්ලාස්ටික්  තොගය අතර බීම කෝප්ප 115 ක් ප්ලාස්ටික් බෝතල් 4 ක් ප්ලාස්ටික් බෑග් 25 ක්  විද්‍යුත් පිළිපළ පරිපථයක් ද හමු වී ඇත.

කෙසේවෙතත් මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පරිසරවේදීන්ගේ දැඩි අවධානය යොමු වී ඇත. මෙම තල්මසා මිය ගොස් ඇත්තේ දිගු කාලීන ප්ලාස්ටික් පරි‍‍භෝජනය හේතුවෙන්  ජීර්ණ පද්ධතිය අඩපණ වීම හේතුවෙනි.

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.