lakbima.lk

30 පැනපු චීන ළඳුන්ට ප්‍රේම නිවාඩුවක්


නැගෙනහිර චීනයේ වයස අවුරුදු තිහට වැඩි අවිවාහක තරුණියන්ට දින දහයක විශේෂ නිවාඩුවක් ලබා දීමට ඔවුන් සේවය කරන ආයතන පියවර ගෙන තිබේ. ඒ චීන රජයේ ඉල්ලීමක් අනුවය.මෙම නිවාඩුව ඔවුන් වෙත ලබා දී ඇත්තේ සුදුසු සහකරුවෙකු සොයා ගැනීම සඳහාය.

පෙබරවාරි 04 දායින් ආරම්භ වූ මෙම “ආදර” නිවාඩු කාලය එතැන් සිට දින 10 තිස්සේ මුළු චීනය පුරාම ක්‍රියාත්මක වෙන බවද කියැවේ.මෙකී කාල සීමාව ඇතුළත ප්‍රේමවන්තයෙකු තෝරාගෙන මෙම වසර තුළදීම ඔහු හා විවාහ වෙන්නේ නම් ඇයට විශේෂ වැටුප් පාරිතෝෂිකයක් ලබාදීමටද එරට සමාගම් රජයට ‍පොරොන්දු වී ඇත.

මෙය ලෝකයේ මෙවැනි නිවාඩුවක් ලබා දුන් ප්‍රථම වතාව මෙන්ම චීනයේ ක්‍රියාත්මක වූ දීර්ඝතම මහජන නිවාඩුව ලෙසද සැලකේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.