lakbima.lk

කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්

 උතුරු කැලිෆෝර්නියාවේ ගින්නෙන් අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1200 ක් වන බව මීට සුලු වේලාවකට පෙරාතුව වාර්තා වී ඇත.  පැතිර යන ගින්නෙන් මියගිය ගණන 77ක් දක්වා ඉහළ ගොස් ඇත. ගින්නෙන් වැඩිම හානියක් වූ ප්‍රදේශය වන්නේ බට් කවුන්ටි ප්‍රදේශයයි.

පවත්නා හදිසි තත්වය තවමත් උතුරු කැලිෆෝර්නියාව තුළ පවතින අතර නිවාස දහස් ගණනක් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන බවට පත් වී ඇත. බට් ප්‍රදේශයේ ප්‍රධානම නගරය වූ පැරඩයිස්  නගරය ගින්නෙන් සම්පූර්ණයෙන් පාහේ  විනාශ වී ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රදේශයේ වෙසෙන 27 000 ක් වූ පිරිසන් වැඩිම ප්‍රමාණය 65ට වැඩිමහලු පුද්ගලයන් ය. අතුරුදහන් වූ පුද්ගලයන් 1200 ප්‍රමාණය විචලනය විය හැකි බව විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙයි. අතුරුදහන් වූ පුද්ගලයන් සොයා මේ වන විටත් පුලුල් මෙහෙයුම් දියත් කර ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.