lakbima.lk

කැලිෆෝනියා ලැව්ගිනිවලින් මියගිය ගණන 31 දක්වා ඉහළට




කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් මියගිය ගණන තිස් එක දක්වා ඉහළ ගොස් ඇති අතර දෙසීියක් පමණ අතුරුදන්ව සිටින බව වාර්තා වෙයි. මෙම මරණවලින් වැඩි ප්‍රමාණය ප්‍රාන්තයේ උතුරින් පිහිටි ප්‍රදේශයකින් වාර්තාවන අතර ඊයේ දිනයේ වාර්තා වූ මරණ නවය සමග එම ප්‍රමාණය විසිනවයක් වි තිබේ. 1933 ලොස්ඇන්ජලිස්හි ග්‍රිෆිත් පාක් ලැව්ගින්නට පසු කැලිෆෝනියාවේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය බව වාර්තාවෙයි. ප්‍රාන්තයේ දකුණු පෙදෙසේ මැලිබු ඇතුඵ මුහුදුබඩ නවාතැන් වෙත පැතිර යන ලැව්ගින්නෙන් දෙදෙනකු මියගොස් තිබේ.


ප්‍රාන්තයේ ප්‍රදේශ තුනක පැතිරෙන දරුණු ලැව්ගිනි හේතුවෙන් 250,000 ක ජනතාවට සිය නිවෙස් හැරදමා ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස බලධාරීන් දන්වා තිබිණි.ලැව්ගිනි දරුණු වීමත් සමග ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් ජනපති ට්‍රම්ප්ගෙන් මෙය ප්‍රබල විපත් අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ඇත්තේ ඒ මගින් මධ්‍යම රජයෙන් වැඩි මුදලක් ආපදාවට පත්වුවන්ට මුදාහැරෙන බැවිනි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.