lakbima.lk

වසර 3500ක් ඉපැරණි මමියක් සොයා ගැනේ

දකුණු දිග ඊජිප්තුවේ ලක්සර් නගරයට ආසන්න නයිල් නදී තීරයෙන්  ඉතා හොඳ තත්වයේ පවතින ස්ත්‍රී මමියක් සොයා  ගැනීමට ප්‍රංශයේ පුරා විද්‍යාඥයන් කිහිපදෙනෙක්  ඉකුත් 24 දා සමත් වී ඇත. මෙම මමිය 17 හා 18 ඊජිප්තු රාජ වංශ තෙක් දිවෙන බවට උපකල්පනය කර ඇත.

මෙම සමය ඒ 13 වන ශත වර්ෂයට අයත් අතර  එම සමය ඊජිප්තුවේ ස්වර්ණමය කාල පරිච්ඡේදයයි. එම කාල වකවානුව  ටූටන්කාමන් හා දෙවන රැම්සිස් රජ සමය තෙක් විහිදේ. කෙසේවෙතත් මෙම මමිය අන්තර්ජාතික මාධ්‍යයන් ඉදිරියේ විවෘත වූ පළමු ගල් මිනී පෙට්ටිය සහිත මමියයි.

මෙම ගල් මිනී පෙට්ටිය සමඟ තවත් මිනී කිහිපයක් හමු වී ඇත. ඒවා ‍පරිවාර සේවකයන්ගේ මෘත ශරීර බවට අර්ථකථනය කෙරේ. මෙම මමිය පැවති ගුහාව අලංකාර ලෙස සැකසුණු ගුහාවක් වන අතර  එම කොටස  කැණීම සඳහා පමණක් මාස 5 ක් ගත වී ඇත. මෙම මමිය  සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කරමින් පුරා විද්‍යාඥයන් එහි රැඳී සිටී.

 

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.