lakbima.lk

දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්

 

බොලිවුඩ් සුපිරි නලු අම්තාබ් බච්චන් විසින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ණය බරින් පෙළෙන පුද්ගලයන් 1398 කට සිය පුද්ගලික ධනයෙන් ඇමරිකන් ඩොලර් 560 000 පරිත්‍යාග කර ඇතැයි හෙලිදරව් වී ඇත. මෙම ධන පරිත්‍යාග සඳහා ඔහු තෝරාගෙන ඇත්තේ සිය උපන් ප්‍රාන්තය වූ උත්තර් ප්‍රදේශය යි.

‍මෙම ප්‍රදේශයේ  ණය බරින් පෙළෙන ගොවීන් ඉතා ඉහළ  ප්‍රමාණයක් වෙසෙන ප්‍රදේශයක් ලෙස ප්‍රකට ය. ණය බර වැඩි වීම සඳහා මෙම ප්‍රාන්තයේ පවතින දිගු දුර්භික්ෂ හා වසංගත තත්ව හේතුවෙන් අස්වනු විනාශ වීම  ප්‍රධානතම හේතුවක් වී ඇත. එමෙන්ම මෙම ප්‍රාන්ත තුළ වෙසෙන ගොවීන් ඉතා ඉහල ප්‍රමාණයක් වගා ණය ගෙවා ගැනීමට  නොහැකිව සිය දිවි හානි කර ගැනීම බරපතළ ගැටලුවක් වී ඇත..

ඉන්දියාවේ  ණය ගෙවා ගත නොහැකිව 1995 දී  පමණක් මියගිය ගොවීන් ගණන ලක්ෂ 3කි.  ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම අරමුණු කර ගනිමින් මෙසේ සිය පුද්ගලික ධනය පරිත්‍යාග කළ බව සුපිරි බොලිවුඩ් නලු සිය බ්ලොග් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර ඇත.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.