lakbima.lk

පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි

පීරු හිටපු ජනපති ඇලන් ගාර්ෂියා විසින් එරට පිහිටි උරුගුවේ තානාපති කාර්යාලය හරහා උරුගුවේ  රාජ්‍ය ආරක්ෂාව ඉල්ලා සිටි බවට පුවතක් විදෙස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ. ඇලන් ගාර්ෂියා විසින් මෙම පියවර ගෙන ඇත්තේ පීරු රජය විසින් ඔහු වෙත රටින් පිට වීම සම්බන්ධයෙන් තහනම් උසාවි නියෝගයක් පවා පැනවීමෙන් අනතුරුවය.

ඇලන් ගාර්ෂියා සිය පාලන සමය වූ 2009 - 2011 කාලය තුළ සිදු කරන ලද බ්‍රසීල ඉදිකිරීම්  සඳහා විශාල වශයෙන් අල්ලස් ගැනීම හේතුවෙන් ඔහු  වරද කරු වී ඇති තත්වයක මෙසේ රාජ්‍ය ආරක්ෂාවක් ඉල්ලා සිටීම වැරදි පියවරක් බව පීරු රජය ප්‍රකාශ කර ඇත. ‍කෙසේවෙතත් ඔහුගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් උරුගුවේ රජය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.