lakbima.lk

යුරෝපයේ හිම පතනයෙන් 13ක් මරුට

 
යුරෝපයේ නගර රැසක් දරුණු හිම පතනයකට මුහුණපා තිබේ. ඇතැම් ප්‍රදේශවල අඩි 10 ක් දක්වා හිම වැටී ඇතැයි ජීවිතාරක්‍ෂක නිලධාරිහු පවසති. මෙම හිමපතනය හේතුවෙන් යුරෝපයේ ස්ථාන කිීපයකදී 13 දෙනෙක් මරුමුවට පත්වී ඇතැයි වාර්තා වේ. ඔස්ට්‍රියාව ග්‍රීසිය ඇතුළු යුරේපා රටවල් කිහිපයකට මෙම හිම පතනයෙන් පීඩාවට පත්ව ඇත.
 
 හිම ක්‍රීඩා කිරීමේදී වඩා ප්‍රවේශම් වන ලෙස සංචාරකයන්ට ඔස්ට්‍රියානු රජය අනතුරු අඟවා ඇත.  ඇල්ප්ස් කඳුකරයේ ක්‍රියාත්මක වූ හිම සංකීර්ණවලට යෑමේ කේබල් කාර් 450 කට අධික සංඛ්‍යාවක්ද නතර කර ඇත. ඇල්ප්ස් කඳුකරයේ සංචාරක බලධාරීන් පවසන්නේ අධික හිමපතනය සංචාරක කර්මාන්තයට බරපතළ ලෙස බලපා ඇති බවයි. සති අන්තයේ මෙයට වඩා හිමපතනයක් අපේක්‍ෂා කරන බවද ඔවුහු අපේක්ෂා කරති. 
 
 
 
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.