lakbima.lk

ජපන් මුහුදට වැටුණු ගුවන් යානා සොයා මෙහෙයුම්

 

ඇමෙරිකන් නාවුක හමුදාවට අයත් 'මරයින් කෝප්ස් එයාර් ක්‍රාෆ්ට් වර්ගයේ KC – 130 හා F/A-18නම් ගුවන් ඊයේ 05 රාත්‍රී 2 ට පමණ ජපන් දූපත් මුහුදු වෙරළෙන් කි.මී 320 ක් ඈත පැසිෆික් මුහුදට පතිතව ඇත.

මෙම ඇමෙරිකන් හමුදා යානා හි‍රෝෂිමා දූපතේ පිහිටි ‘ඉවකුනි’ නම් ඇමරිකන් හමුදා කඳවුර සිට සිය දෛනික ඉන්ධන පුහුණු වීමක් සඳහා යන අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇත. උඩු ගුවනේ සිට ඉන්ධන නැවත පිරවීම් පුහුණු වාරයක දී මෙලෙස යානා කඩා වැටීමට ඇතැයි සැක පළ කෙරේ.

යානා කඩා වැටෙන අතරතුරේ දී ඒ තුළ නිළධාරීන් 7 දෙනෙකු සිට ඇත.  මේ වන විට ජපන් නාවුක ස්වයං ආරක්ෂක බලකායන් විසින් නිළධාරීන් දෙදෙනෙකු ගේ දිවි ‍ගලවා ගැනීමට සමත් වී  ඇත. තවමත් නිළධාරීන් 5 ක් අතුරුදහන් වී ඇත. පැසිෆික් මුහුදේ අතුරුදහන් වූ නිළධාරීන් සොයා මෙහෙයුම් සිදු කෙරෙමින් පවතියි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.