lakbima.lk

උ.කොරියාව නැවත රහසින් මිසයිල මධ්‍යස්ථාන අරඹයි

නව සැටලයිට් ඡායාරූප කිහිපයකට අනුව උතුරු කොරියාවේ යොන්ග්ජියෝ ඩොන්ග්  මිසයිල  මධ්‍යස්ථානයේ හා ඊට නුදුරු ස්ථාන කිහිපයක රහසින් නැවතත් මිසයිල නිෂ්පාදනය වන බවට සොයා ගෙන ඇත.

 ඒ අනුව ඇමෙරිකාව හා උතුරු කොරියාව  මෙතෙක් එළඹී ඇති න්‍යෂ්ටික මිසයිලහරණ වැඩසටහනට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට  සී.එන්.එන් මාධ්‍ය ජාලය  අනාවරණය කරයි.

මෙම සැටලයිට් ඡායාරූප මඟින් උතුරු කොරියාව රහසේ සිය න්‍යෂ්ටික වැඩ පිළිවෙල සිදු කරන බව පෙනෙයි. එමෙන්ම මෙහි බොහෝදුරට නිෂ්පාදනය වන්නේ දිගු දුර  මිසයිල බවට ද අනාවරණය වී ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තවම කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

උත්පලා ප්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.