lakbima.lk

බුෂ් ගේ පියා සාමයේ සැතපේ

ඊයේ (05) පැවති ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් ගේ අවසාන කටයුතු ‍ ඇමෙරිකානු රාජ්‍ය හරසර මධ්‍යයේ ලෝක නායකයින් හා රාජ්‍ය නායකයන් ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. ඒ ඇමෙරිකානු ජාතික දේවස්ථානයේ දී ය. ඉන් අනතුරුව දේහය භූමදාන කිරීම සඳහා ඔහුගේ උපන් බිම වූ ටෙක්සාස්  වෙත ගෙන යනු ලැබීය.

 

 මේ සඳහා හිටපු ජනපතිවරුන් වූ ජිමී කාටර්, බිල් ක්ලින්ටන් හා බැරැක් ඔබාමා ද ඩොනල්ඩ් ට්‍රම්ප් හා මෙලේනියා ට්‍රම්ප් ද සහභාගී වීම විශේෂත්වයක් විය. එමෙන්ම අවමංගල්‍ය උත්සවය සඳහා චාල්ස් කුමරු , ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් හා ජෝර්දාන් කුමරු ද පැමිණීම ද සිදු විය. ජොර්ජ් බුෂ්ගේ සංවේදී අවමංගල්‍ය කතාව  කෙරේ සියල්ලන්ගේම අවධානය යොමු විය.

ඊයේ දින සිට ආරම්භ වූ ‘ජාතික ශෝක මාසය’ මේ මාසය පුරාම සමරනු ඇති අතර ඇමෙරිකානු කොඩිය අඩකුඹු කර තබනු ඇත .

 

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.