lakbima.lk

හුවාවී හිමිකරුගේ දුව කැනඩාවේ දී අත් අඩංගුවට !

ලෝකයේ දුරකථන තාක්ෂණයේ දැවැන්තයෙකු වූ හුවාවී ආයතනයේ අයිතිකරු රෙන් සෙන්ග්ෆෙයිගේ  දියණිය වූ සබ්රිනා මෙන්ග් හෙවත් මෙන්ග් වන්ෂෝ කැනඩාවේ වැන්කුවර්හි දී අත් අඩංගුවට ගෙන ඇත. ඒ ඇය කැනඩාවේ සිට ඇමෙරිකාව බලා යන අතරවාරයේ ය. ඇමෙරිකාව වෙනුවෙන් ඇය අත් අඩංගුවට ගෙන ඇත්තේ නිව්යෝර්ක් නුවර දී ඇය විසින් සිදු කලා යැයි කියන මූල්‍ය ගනුදෙණුවක් නොගෙවීම සම්බන්ධයෙනි. ඇය මේ වන විට හුවාවී ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ධූරය හොබවයි.

මේ වන විට ඇයගේ ආයතනය ඇමෙරිකාව විසින් පණවා ඇති ඉරාන සම්බාධක උල්ලංඝණය කළා ද නැද්ද යන්න සෙවීමට ද කටයුතු කරමින් පවතියි. කැනඩාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටියේ   මෙන්ග් වන්ෂෝ ගේ පෞද්ගලික නිදහස සුරැකිය යුතු බවයි. තවමත් ඇය‍ට  එල්ල වූ මූල්‍ය චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂීයක් ද නොමැති වීම ද විශේෂත්වයකි..  

වර්තමානය වන විට හුවාවී තාක්ෂණික  මෙවලම්  ඇමෙරිකානු ආරක්ෂක අංශ තුළ භාවිතය තහනම් කරනු ලැබ ඇත. ඒ ඉකුත් මැයි මාසයේ සිට ය. ඇමෙරිකානු ආරක්ෂක අංශ තොරතුරු අනුව හුවාවී ඇමෙරිකානු රහස් සෙවීමේ මෙහෙයුමක නිරත වී සිටින බවට සැක මතු වී ඇත..

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.