lakbima.lk

සෝයුස් රොකට්ටුව නැවත ‍පෘතුවියට

අද දින කසකස්ථානයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත බලා ගිය සෝයුස් රොකට්ටු‍ව නැවතත් පෘතුවිය වෙත නිරුපද්‍රිතව ලඟා වූ බව නාසා හා රුසියාන් අභ්‍යවකාශ මධ්‍යස්ථාන ප්‍රකාශ කර සිටියි. මෙම රොකට්ටුව තුළ රුසියානු අජටාකාශගාමී ඇලෙක්සේයි ඔච්මින් හා ඇමරිකාන් ගගනගාමී නික් හේග් සිටි බව ද සඳහන් ය. මේ ඔවුන් දෙදෙනා යෑමට නියමිතව සිටි පළමු අභ්‍යවකාශ ගමනයි. කෙසේවෙතත් මොවුන් දෙදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යාමට සිටියේ මාස 6 ක කාලයකට ය. නමුදු  අතරමඟදී හට ගත් යානා අර්බුදයක් නිසා නැවතත් කසකස්ථානයට ගොඩ බෑ අතර ඔවුන් දෙදෙනා මුදා ගැනීම සඳහා මෙහෙයුම් කණ්ඩායම් එහි යවා ඇතැයි සඳහන් ය.

උත්පලා ප්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.