lakbima.lk

මැන්ග්කට් සුළිකුණාටුවෙන් පිලිපීන් දූපත් කැළඹේ

හෙට (15) දින පිලිපීනය හරහා හමා යෑමට නියමිත මැන්ග්කට් සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ හදිසි තත්වයක් උද්ගත වී ඇත. ඊයේ (14) පිලිපීන ජනපති රොඞ්රිගෝ ඩුටෙරෙට් විසින් ජාතික ආපදා අවදානම් කළමණාකරණ කමිටු කවුන්සිලයේ නිළධාරීන් සමඟ සාකච්ඡා කර අතිරේක සහන සේවා පිළිබඳ පුළුල් සාකච්ඡාවක නියැළිණ. ඒ පිලිපීනයේ මිලියන 4 කට ආසන්න ප‍්‍රමාණයක් මෙම සුළි කුණාටුවට ගොදුරු වන බව  පිලිපීන කාළගුණ අංශ ප‍්‍රකාශ කිරීමත් සමඟ ය. සුළ‍‍ඟේ වේගය පැයට කිලෝ මීටර් 205 කි.

පිලිපීනයට කඩා වැදීමට නියමිත මැන්ග්කට් 5 වැනි වර්ගයට අයත්  මෙම සුළි කුණාටුව 2013 දී හමා ආ හයිනෑන් සුළි කුණාටුව මෙන් ප‍්‍රබල වනු  ඇතැයි සැළකේ. මෙම කුණාටුව ලූසොන් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අවස්ථාව වන විට තායිවාන් දූපතටත් දකුණු චීන මුහුද හරහා ගමන් කරන විට චීනයේ දකුණු ප‍්‍රාන්ත වෙතත්  විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවට අනාවරණය වී ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.