lakbima.lk

ඇ‍මෙරිකානු නැගෙනහිර ප‍්‍රාන්ත වලින් මිලියන 1.7 ක් ඉවතට

අද (13) සවස්වන විට ඇමෙරිකාවේ නැගෙනහිර ප‍්‍රාන්ත වෙත කඩා වැදීමට නියමිත ‘ෆ්ලෝරන්ස් සුළි කුණාටුව‘ හේතුවෙන්  මිලියන 1.7 ක ජනතාවක් හදිසි නීතිය පැනවූ ප‍්‍රාන්ත වූ දකුණු කැරොලිනා , උතුරු කැරොලිනා හා වර්ජීනියා ප‍්‍රාන්ත වලින් ඉවත්ව ගොස් ඇත.

මේ වන විට ෆ්ලෝරන්ස් කුණාටුව තුන් වන මට්ටමට වඩා අවම තත්වයට වුවත්  ඉතාමත් භයානක ප‍්‍රතිඵල ගෙන එන බව ඇමරිකානු කාළගුණ වාර්තා පෙන්වා දෙයි.  ඒ අනුව ඊයේ (12) වන විට ජෝර්ජියාව, මේරිලන්ඞ් සහ වොෂිංටන් ඩීසී යන ප‍්‍රාන්ත වෙත ද හදිසි තත්වයක් නිවේදනය කර ඇත.

හමා එන සුළඟ හේතුවෙන් මුහුදු රළ මීටර් 25 ක් දක්වා උස්ව ඇති අතර කුණාටු සමයේ දී එය තවත් ඉහළ යා හැකි බවට ප‍්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් දකුණු කැරොලිනා ප‍්‍රාන්තයේ සිරකරුවන් 1000  ක් පමණ එම ස්ථාන වලින් ඉවත් නොකෙරෙන බවට නිළ නිවේදනය කර ඇත.

කුණාටු නාභියෙන් සැතපුම් 70 ක පරාසයක් වෙත විශාල බලපෑමක්  දැනෙනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.