lakbima.lk

වසර 20 කට පසු ඉතියෝපියා - එරිත‍්‍රියා දේශ සීමා විවෘත වේ

ඉතියෝපියා හා එරිති‍්‍රයානු යුද්ධ හේතුවෙන් 1998 මැයි මාසයේ දී  වසා දැමුණු  දෙරටේ දේශ සීමා  යළි විවෘත කිරීමට දෙරටේ රාජ්‍ය නායකයෝ ඊයේ (11) එකඟතාවයකට පැමිණිය හ. ඒ අනුව මෙලෙස බලාත්මක වන්නේ 2018 ජූලි මාසයේ ඉතියෝපියානු අගමැති අබී අහමඞ් හා එරිත‍්‍රියන් ජනපති ඉසයියා ඇෆ්වෙර්කි අතර ඇති වූ සාම ගිවිසුමයි.

කිලෝ මීටර් 1000 කට අධික දුරකින් සමන්විත දෙරටේ දේශසීමා අතර පවතින අක්මාරා, සලම්බෙස්සා, අසාබ් හා බුර් යන  නගර ද මීට සමගාමීව නැවත විවෘත විය. එමෙන් ම වසර 20 ක යුධ තත්වය මුළුල්ලේ වෙන්ව සිටි පවුල් සිය ගණනක් එක්වීම ද  කැපී  පෙණුනි.

දෙපාර්ශවය 2000 දී  එළඹුණු ‘ඇල්ජියර්ස් සාම ගිවිසුම’ මෙන් නොව මෙම සාම ගිවිසුම මඟින් දෙපාර්ශවයටම සාමය උදා වනු ඇති බව වාර්තා වේ.  1998 දී හට ගත් දෙරටේ යුධමය තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 10000 කට අධිකය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.