lakbima.lk

කැටලෝනියානුවන් මිලියනයක් බාර්සිලෝනාවට

‘කැටලෝනියානු ජාතික දිනය‘ සැමරීම සඳහා මේ වන විටත් කැටලෝනියානු උද්ඝෝෂකයින් මිලියනයකට වැඩි පිරිසක් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර  වීදි තුළ එක් රොක් වී ඇත. මෙම සැමරුම 2017 වසරේ කැටලෝනියානු ජනමතවිචාරණයෙන් පසු සිදුවන පළමු සැමරුම වේ. මෙම උද්ඝෝෂණය සඳහා කැටලෝනියානුවන් පැමිණ ඇත්තේ රතු හා කහ පැහැ වස්ත‍්‍රයෙන් හා කැටලෝනියානු කොඩි ද රැගෙන ය. ජාතික දිනය සඳහා මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ කැටලන් කලාපීය නායන ක්විම් ටොරා සහ බෙල්ජියමට පැන ගිය කාලෝස් පිජ්ඩිමෝන් ය.

ස්පාඤ්ඤයෙන් වෙන් වී නිදහස් රාජ්‍යයක්  වීම සඳහා කැටලෝනියාව 2017 වසරේ ඔක්තෝබර් 1 වන දා ගෙන ආ ජනමත විචාරණය අවසන් වුයේ ස්පාඤ්ඤ ව්‍යවස්ථාධිකරණයෙන් එම ක‍්‍රියාව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කිරීමත් සමඟය. මෙම වසරේ ජූලි මාසයේ පැවති මත විචාරණයකට  අනුව කැටලෝනියානු නිදහස සඳහා පුද්ගලයන් 46.7 ක් පක්ෂ වී ඇත. කෙසේවෙතත් කැටලෝනියානු උද්ඝෝෂණකයන් ප‍්‍රකාශ කර සිටින්නේ ස්පාඤ්ඤයෙන් වෙන් වී නිදහස් රාජ්‍යයක් වන තුරු උද්ඝෝෂණ සඳහා සහභාගී වන බවයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.