lakbima.lk

9/11 නිව්යෝර්ක් උමං දුම්රිය මග යලිත් ඇමරිකානුවන්ට

වසර 17 කට පෙර අල්කයිඩා ප‍්‍රහාරයෙන් විනාශ වූ 'නිව්යෝර්ක් උමං දුම්රිය මග' අද දින ඇමරිකානුවන් වෙනුවෙන් නැවත විවෘත කරනු ලැබීය. මෙම දුම්රිය ස්ථානය 2001 දී හැඳින්වූයේ ‘ලෝක වෙළඳ මධ්‍යස්ථාන කෝර්ට්ලන්ඞ්  නැවතුම්පළ‘ ලෙස ය. මෙම නැවතුම් පළ එකළ පිහිටා තිබුණේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බිම් මහලේ ය.

2001 සැප්තැම්බර් 11 වන දින එල්ල වූ අල්කයිඩා ප‍්‍රහාරයත් සමඟ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ විශාල කුළුණු කොටස් සියල්ල පතිත වූයේ මෙම උමං දුම්රිය මාර්ගය මතට ය. වසර 15 ක් පුරා වසා තැබුණු මෙම උමං දුම්රිය මග පිළිසකර කිරීම ආරම්භ වූයේ 2015 සිට ය.

නව දුම්රිය මග නැවත විවෘත වූ  අවස්ථාව සඳහා බොහෝ ඇමරිකානුවන්  පිරිසක් එක් වූ බව වාර්තා වේ. කෙසේවෙතත් 9/11 ‘අල්කයිඩා ත‍්‍රස්ත ප‍්‍රහාරය‘ හේතුවෙන් මෙම ස්ථානය අවට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් ගණන 3000 කට අධික ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.