lakbima.lk

අලිබබා ආයතනයේ හිමිකරු විශ‍්‍රාම ගැනීමට සූදානම්

ලෝක ප‍්‍රකට අලිබබා සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ වන චීන ජාතික ජැක් මා එළඹෙන 2019 සැප්තැම්බරයේ දී විශ‍්‍රාම ගැනීමට නියමිත බව අද දින එම සමාගම විසින් නිවේදනය කර සිටියේ ය. ජැක් මා ගෙන් අනතුරුව එම ධූරය භාර ගැනීමට නියමිතව ඇත්තේ අලිබබා සමාගමේ ප‍්‍රධාන අධ්‍යක්ෂ ධුරය හොබවනු ලබන  ඩැනියෙල් සැන්ග් විසිනි.

‘අලිබබා‘ යනු ලෝකයේ බොහෝ අන්තර්ජාල මූල්‍ය ආදායම් ලබන ආයතන රැසක් අතරින් සාර්ථකම අන්තර්ජාලීය වෙළඳ ආයතනයකි. ජැක් මා මෙම සමාගම පිහිටුවූයේ 1999 දී වන අතර මේ වන විට ඔහුගේ සමස්ත මූල්‍ය වත්කම් ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 36.6 කි. දැනට චීනයේ ධනවත්ම පුද්ගලයා වන්නේ ද ජැක් මා ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.