lakbima.lk

සුඩාන් ගුවන් අනතුරින් 19 ක් මරුට

ඊයේ (09) දකුණු සුඩානයේ ජුබා අගනුවර සිට යිරෝල් නගරය තෙක් මගීන් 23 ක් රැගෙන පියාසර කළ සැහැල්ලූ මගී ගුවන් යානයක් අනතුරට පත් වීමෙන් 19 දෙනෙකු මරුමුවට පත් විය.

ඝන මීදුමකට හසු වීමෙන් අනතුරුව යානය ගොඩ බෑමට තැත් කිරීමට යාමේ දී මෙම මගී යානය යිරෝල් ජලාශයට කඩා වැටීමෙන් මෙම දරුණු අනතුර සිදු විය. ගුවන් අනතුරින් දිවි ගලවා ගෙන ඇත්තේ දරුවන් දෙදෙනෙකු හා වැඩිහිටියන් දෙදෙනෙකු පමණී.

මේ වන විට යිරෝල් නගරවාසීහු එම මළ සිරුරු භූමදානය සඳහා සූදානම්ව සිටිති. හඳුනාගත් සමහරක් පුද්ගල මළ සිරුරු ඥාතීන් හට භාර දී ඇත. මිය ගිය පිරිස අතර යානයේ නියමුවන්, රතු කුරුස සංඟමයේ සාමාජිකයෙකු හා බිෂොප්වරයෙකු ද සිටි බවට වාර්තා වේ.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.