lakbima.lk

බ‍්‍රසීල ජනාධිපති අපේක්ෂකට පිහි ඇණුමකින් මරණාසන්නයි

බ‍්‍රසීල සමාජවාදී ලිබරල් පක්ෂ නායක ජෙයාර් බොල්සයානෝර් ජනාධිපතිවරණ මහජන රැස්වීමක දී නන්නාඳුණන පුද්ගලයකුගේ පිහි ඇණුමකින් බරපතළ තුවාල ලබා අද  (07) රෝහල්ගත කර ඇත. අධික ලේ වහනය යෑම හේතුවෙන්  ඔහුගේ තත්වය වඩාත් බරපතළ බව රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කරයි.

මිනාස් ජෙරායිස් හි පැවති දේශපාලන රැස්වීමකදී ඇඩෝලියා ඩි ඔර්වේරා නම් පුද්ගලයෙක් මෙම පිහි ඇණුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙය බොල්සොනාර්ට එරෙහි විරුද්ධ දේශපාලන  කණ්ඩායමක් එල්ල කරන ලද ප‍්‍රහාරයක් යැයි සමාජවාදී ලිබරල් පක්ෂය චෝදනා කර සිටියි. ඔහු පෙර බ‍්‍රසීල නායකයා වූ ලූලා ද සිල්වා දැඩිව  විවේචනය කළ අයෙකි.

‘බ‍්‍රසීලියානු ට‍්‍රම්ප්‘  යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ජෙයාර් මේ වන විට 63 වැනි වියේ පසුවෙයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.