lakbima.lk

වසංගත රෝගයකින් ගුවන් මගීන් 100 ක් අනතුරේ


මගීන් 521 ක් සමඟ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් අයත් අංක EK 203 දරණ ගුවන් යානයක්  ඇමරිකාවේ නිව්යෝර්ක් හි කෙනඩි ගුවන් තොටුපළට ගොඩ බැස්වූ වහාම ‘ඇමරිකන් වසංගත පාලනය හා වැළැක්වීම් අංශ‘ විසින් නිරෝධායනයකට ලක් කෙරුණි. එයට මූලික හේතුව වූයේ මගීන් 100 කට අධික පිරිසකට  එකවර උණ, කැස්ස හා බඩේ අමාරු ලක්ෂණ පහළ වීම හේතුවෙනි.


පුද්ගලයන් 10 ක් දැනට නේවාසිකව  ප‍්‍රතිකාර ගන්නා බවත් 9 දෙනෙක් ප‍්‍රතිකාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති බවත්‘ඇමරිකානු වසංගත පාලන අංශය‘ නිවේදනය කරයි. මේ වන විට ඉතිරි මගීන් සියලූදෙනා සිය කාර්යයන් සඳහා පිටත්ව ගොස් ඇත.


කෙසේ වෙතත් උද්ගත වූ මෙම හදිසි රෝගී තත්වය ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට එදිරිව සිදු කළ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් නොවන බවට හඳුනාගෙන ඇත. මෙය මේ දිනවල මැදපෙරදිග මක්කම ප්‍රදේශයේ පැතිරී ඇති උණ තත්වයකට සමාන බව ජාත්‍යන්තර වාර්තා  ප‍්‍රකාශ කර සිටියි.


උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.