lakbima.lk

ජපානයේ හොකයිඩෝ දූපතට ප‍්‍රබල භූමිකම්පාවක්


අද (06) උදෑසන ජපානයේ හොකයිඩෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ  6.7 ක ප‍්‍රබල භූමිකම්පාවක් හට ගැණුනි. මෙම භූමිකම්පාවෙන් දැනට පුද්ගලයින් 8ක් මිය ගොස් 31 ක් අතුරුදහන් වී ඇත. මේ වන විට හොකයිඩෝ හි නිවාස 40 ක් ප‍්‍රබල මඩ ගැලීම් හේතුවෙන් විනාශව ගොස් මිලියන 3 කට අධික නිවාස රැසක විදුලි බලය ඇණ හිට ද ඇත.


ජපන් අගමැති ෂින්සෝ අබේ විසින් 4000 ක ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවා ඇති අතර එම ආරක්ෂක අංශවල පුද්ගලයන් ගණන 25 000 ක් දක්වා ඉහළ දැමීමට නියමිත ය. මේ වන විටත් භූ කම්පනයෙන් හා මඩ ගැලීම් වලින් ආපදාවට පත් පුද්ගලයන් අවදානම් ස්ථාන වෙතින් ඉවත් කරමින් පවතියි.

නැවත ඇති විය හැකි පසුකම්පන හා මඩ ප‍්‍රවාහ වෙත සැළකිල්ලෙන් සිටින්නැ යි මහජනතාවට හදිසි නිවේදන නිකුත් කර ඇත.

 


උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.