lakbima.lk

ජේබී ටයිෆූනයෙන් ජපනුන් මිලියන 1 . 2 ක් අනතුරේ

 

වසර 25 කට පසුව ජපානයට බලපෑ දරුණුම ටයිෆූන් සුළි කුණාටුව ඊයේ (04) වන දින කියෝතෝ හා ඔසාකා දූපත්   හරහා පැයට කිලෝ මීටර් 208ත් 216ත් අතර වේගයෙන් හමා  ගොස් ඇත. ජපානය තුළ දැනට හදිසි තත්වයක් ප‍්‍රකාශ කර ඇත. ඒ ටයිෆූන් කුණාටුවේ බලපෑම හේතුවෙන් නාය යෑම් හා ගං වතුර තත්වයක් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකි බැවිනි.

මේ වන විටත් අනාරක්ෂිත ප‍්‍රදේශ වෙතින් ඉවත් වීමට පුද්ගලයන් මිලියන 1.2 ක් සඳහා නියෝග ලබා දී ඇත. කුණාටුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 9කි. තුවාල වූ පුද්ගලයන් ගණන 300 ක් දක්වා ඉහළ නැග ඇත. මිලියන 2 කට අධික දේපල ප‍්‍රමාණයක් කුණාටුවෙන් විනාශව ඇති බවට වාර්තා වී ඇත.

එකවර හමාගිය මෙම ටයිෆූන් කුණාටුව හේතුවෙන් ‘කන්සායි’ ගුවන් තොටුපළ තුළ කිසිදු පිළිසරණක් නොමැතිව සිටි පිරිස 3000 කට ආසන්න ය. ජපන් දූපත් වන නගෝයා හා ඔසාකා අතර ගුවන් වාර 800 ක් අවලංගු කර ඇත. මේ වන විට සැඩ සුළං වේගය මඳක් අඩු වෙමින් උතුරු දිශාවට හමා යන බවට ලෝක කාලගුණ වාර්තා  තුළ සඳහන් ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.