lakbima.lk

අප‍්‍රිකාවට ඇ.ඩො බිලියන 60ක චීන ආධාර

‘අපි‍්‍රකා චීන සමුළුව‘ අතරවාරයේ චීනය විසින් අපි‍්‍රකානු මහද්වීපයේ සංවර්ධනයට ඇමරිකානු ඩොලර් බිලියන 60ක ආධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව චීන ජනපති ෂී ජින් පින්ග් ප‍්‍රකාශ කළේ ය. එම චීන ආධාර මුදල් අප‍්‍රිකාවේ යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවා සඳහා යෙදවීම මෙහි අරමුණ වී ඇත. එමෙන් ම ‘නිෂ්ඵල ව්‍යාපෘති‘  සඳහා කිසිදු චීන ආධාරයක් නොයොදවන බව චීන ජනපති වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

මෙම ආධාර මුදල් ‘දේශපාලනික අරමුණු’ සඳහා නොවන බවත් ‘කලාපීය ආර්ථීක සහයෝගිතාවය’ ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් යොදවන බවත් සඳහන් ය. අප‍්‍රිකානු මහද්විපයේ සංවර්ධනය වෙනුවෙන් විශාලතම මූල්‍ය සහය ලබා දෙනුයේ ද චීනය යි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.