lakbima.lk

බ‍්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පිහිටි ‘රියෝ ජාතික කෞතුකාගාරය’  ඊයේ  (02)  හදිසියේ  හට ගත් ගින්නකින් විනාශව ගොස් ඇත. පෘතුග‍්‍රීසි පාලනය යටතේ පැවති බ්‍රසීලයේ පෘතුග‍්‍රීසි පාලකයන්ගේ මාළිගාව වශයෙන් පැවති මෙම ගොඩනැඟිල්ල පසුකාලීනව ලෝක ප‍්‍රසිද්ධ කෞතුකාගාරයක් බවට පත් විය.

කෙසේ වෙතත් ගිනි ගන්නා අවස්ථාව වන විට මිලියන 20කට අධික පුරාවස්තු ප‍්‍රමාණයක් පැවතුණු බව සඳහන් ය. එම පුරාවස්තු අතර වසර 12 000 ක් පැරණි මානව ඇට සැකිල්ලක්, ඉපැරණි ඩයිනසෝර් ඇටකටු , ෆොසිල , මමී හා දුර්ලභ කෘමි සිරුරු පැවතුණි. බ‍්‍රසීල වැසියන් මෙම හදිසි ගින්න නිසා මහත් කම්පාවට පත්ව ඇත. ගින්න හට ගැනීමට හේතුවක් තවමත් සොයාගෙන නැති අතර වසර 200ක් ඉපැරණි මෙම කෞතුකාගාරයට ගින්නෙන් සිදු වූ හානිය ද මෙතෙක් ගණනය කර නැත.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.