lakbima.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකරගුවාවෙන් ඉවතට


නිකරගුවාවේ  ජනපති ඩැනියෙල් ඔර්ටේගා විසින් එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිල් කණ්ඩායම සිය රටින් පිටව යා යුතු බවට නිවේදනය කර ඇත. නිකරගුවාවේ වර්තමානයේ පවත්නා අස්ථාවර දේශපාලන තත්වය සඳහා විසඳුමක් දීමට මෙම මානව හිමිකම් කණ්ඩායම ගෙන්වූව ද ඔවුන් පසුව නිකරගුවාවේ ස්වාධිපත්‍යයට තර්ජනයක් වීම හේතුවෙන් මෙසේ ඉවත් කිරිමට තීන්දු කර ඇත.  
වර්තමානයේ නිකරගුවාව තුළ පවත්නා දේශපාලන  අස්ථාවරභාවය හේතුවෙන් පුද්ගලයන් 300 ක් මේ වන විටත් මිය ගොස් ඇත. මෙම ඝාතන පිළිබඳව මානව හිමිකම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිකරගුවා රජයට පසුගිය බදාදා (29) මානව හිමිකම් කවුන්සිලය ප‍්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් මෙසේ කවුන්සිල් කණ්ඩායමට නිකරගුවා රජය එදිරි වූ බව සඳහන් ය.
කෙසේ වෙතත් මෙම ඉවත් කිරීමෙන් පසුබට නොවී විදේශගත වීමෙන්  මෙම මානව හිමිකම් කඩ කිරීමේ පරීක්ෂණ  සිදු කිරීමට කවුන්සිලය සූදානමින් සිටියි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.