lakbima.lk

ආර්ජන්ටිනාවේ උද්ධමන අර්බුදය උග‍්‍ර අතට

ආර්ජන්ටිනාවේ ‘පෙසෝ ’ මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 40% කින් අවප‍්‍රමාණ වීම හේතුවෙන් එරට ජනපති මොරිෂියෝ මැක්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 50 ක මුදලක් නිකුත් කරන මෙන් හදිසියේ ඉල්ලා ඇත. ඔහු මෙම මුදල ලබා ගැනීමට හදිසි ඉල්ලීමක් සිදුකර ඇත්තේ ආර්ජන්ටිනා ආර්ථීකය බිඳ වැටීමේ තර්ජනයක් මතුව ඇති නිසා බවට වාර්තා පළ වේ.

2018 වසර තුළ තෙල් ආර්ථිකයෙන් පොහොසත්ව පැවති ලතින් ඇමරිකානු රාජ්‍ය රැසක මුදල් ඒකක බිඳ වැටීමේ  අර්බුදකාරී තත්වයක් පැවතෙයි. මේ වන විටත් ජී - 20 කාණ්ඩයේ රට වලින් වැඩිම උද්ධමන අගය (40%) වාර්තා වනුයේ ද ආර්ජන්ටිනාවෙනි.

කෙසේවෙතත්  ජනපති මැක්රි ගේ කේන්ද්‍රීය ප‍්‍රතිපත්ති  වූ ‘ප‍්‍රාග්ධන පාලනය’ හා ‘සමාජ වැඩසටහන් සඳහා වෙන් කර තිබු මුදල් කප්පාදුව’ කෙරේ එරට විරුද්ධ පක්ෂය දැඩිව හෙලා දැක ඇත. ඒ අතර වූ මෙම  හදිසි මුදල් ඉල්ලීම වෙත ද ඔවුන් සිය අප‍්‍රසාදය  පළ කර ඇත.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.