lakbima.lk

මාරියා සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 50 ගුණයෙන් ඉහළට

මීට සුළු වේලාවකට  පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් පෝටෝ රිකෝ දූප‍ත‍ේ ආණ්ඩුකාර රිකාඩෝ  රොසෙලෝ විසින්  ප්‍රකාශ කර ඇත්තේ 2017 සැප්තැම්බරයේ හමා ගිය ‘මාරියා‘  හරිකේන්  සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 2975 ක් බවයි. පෝටෝ රිකෝ ආණ්ඩුව විසින් පෙර ප‍්‍රකාශයට පත් කළ පුද්ගල මරණ ගණන 64 ක් වූ අතර නැවත ප‍්‍රකාශයට පත් වූ මෙකී සංඛ්‍යා වාර්තාව පෙර සඳහන් කළ ගණන මෙන් 50 ගුණයකි.

2017 දී සිදු වූ මෙම කුණාටුව වසර 90 කට පසුව පෝටෝ රිකෝහි ඇති වූ මෙම දරුණු ම කුණාටුවයි. වසරකට ආසන්න වුවත් පෝටෝ රිකෝ දූපත තවමත් ගොඩ නඟා ගැනීම ඉතා දුෂ්කර වී ඇති බැවින් නැවත ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහනාධාර ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 139 ක් ලබා දෙන මෙන් ඇමරිකානු කොන්ග‍්‍රසයෙන් ඉල්ලීමක් සිදු කර ඇත. එම සහනාධාර මුදල් ලබා ගැනීම සඳහා කුණාටුවෙන් සිදු වූ හානි පිළිබඳ වාර්තාවක් සිදු කිරීම අනිවාර්ය විය. ආණ්ඩුකාර රිකාඩෝ  රොසෙලෝ ගේ මාධ්‍ය ප්‍රකාශයට ඇමරිකානු රජය හා කොංග‍්‍රසය සිය සහය පළ කර ඇතැයි වාර්තා වේ.

පෝටෝ රිකෝ දූපත ඇමරිකානු රජයට අයත් ප‍්‍රදේශයක් වන අතර මිලියන 3.3ක ජනගහනයෙන් 8% ක් මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් දූපත හැර ගොස් ඇත.තවමත් ඉතා විශාල සංඛ්‍යාවක් අවතැන්ව සිටින බවට ජාත්‍යන්තර‍වේදීන් පවසයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.