lakbima.lk

එමර්සන් ම්නන්ගාවා සිම්බාබ්වේ ජනපති ධූරයට

සිම්බාබ්වේ ව්‍යවස්ථා අධිකරණය මඟින් එමර්සන් ම්නන්ගාවා ජනපති ධූරයට සුදුසු යැයි සිකුරාදා (24)  දුන් තීන්දුවත් සමඟ ඊයේ (26)  වන දින ඔහු හරාරේ ජාතික කී‍්‍රඩාංගණයේ දී සිම්බාබ්වේ ජනපති ලෙස දිවුරුම් දුන්නේ ය. ඒ අනුව ජනාධිපතිවරණයට තරඟ කළ විපක්ෂයේ නෙල්සන් චැමිසා විසින් ම්නන්ගාවා හට කරන ලද චෝදනා නිෂ්ප‍්‍රභ විය.

ජනපති ම්නන්ගාවාගේ දිවුරුම් දීමේ උත්සවයට  අප‍්‍රිකානු  රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටීම විශේෂත්වයකි. ඒ අතර දකුණු  අප‍්‍රිකානු නායක සිරිල් රම්පෝසා හා  රුවන්ඩාවේ පෝල් කගාමේ  සිටිනු දක්නට ලැබිණි.

දිවුරුම් දීමෙන් අනතුරුව ම්නන්ගාවා සියලූ දෙනා හට එකට එක් වී ඉදිරියට යාමටත්  ඉදිරියේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ රැසක් ස්ථාපනය කිරීමට සූදානම් බවත් මැතිවරණ කාලයේ සිදුකළ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සඳහා නිසි දඬුවම් ක‍්‍රියාත්මක කිරීම ද සිදු කරන බවත් ප්‍රකාශ කර සිටියේ ය. මෙම දිව්රුම් දීමේ උත්සවයට හිටපු ජනපති රොබට් මුගාබේ ද සහභාගී නොවීම විශේෂ සිද්ධියක් විය.

 

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.