lakbima.lk

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ

 

චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය අද (05) පෙරවරුවේ බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන නායකයෝ සහ 3000කට ආසන්න මහජන නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. එහිදී චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා 2018 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාව සහ 2019 වසරේ රාජ්‍ය කාර්යයන් පිළිබඳ යෝජනා ඉදිරිපත් කෙරිණ.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ පරිදි, 2018 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.6කින් වර්ධනය විය. එහි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 90 ඉක්මවා ගියේය.  නාගරික රැකියා අවස්ථා මිලියන 13.61ක් පමණ වෙයි. ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු ජනගහණය මිලියන 13.86කින් අඩු විය. චීන වැසියන්ගේ ඒක පුද්ගල ආදායම සියයට 6.5කින් වර්ධනය විය.

වසර 2019 චීන රජය පෙරට වඩා විශාල පරිමාණයේ බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. නිෂ්පාදන කර්මාන්ත සහ සුළු ව්‍යාපාරවල බදු පීඩනය අඩු කිරීමට විශේෂ අවධානයක් යොමු වනු ඇත. නිෂ්පාදන කර්මාන්තයේ බදු අනුපාතය සියයට 16 සිට සියයට 13 දක්වා පහල දැමීමට සැරසේ. සියළු කර්මාන්තවල බදු අනුපාතය අඩු කරමින් ප්‍රධාන කර්මාන්තවල බදු පීඩනය කැපී පෙනෙන ලෙස ලිහිල් කිරීමට පියවර ගැනේ.

2019 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදන අපේක්ෂිත වර්ධනය 6% - 6.5% ක් බවට  ඇස්තමේන්තු කෙරේ. මේ වසරේ චීන සංවර්ධනය මුහුණ දෙන පරිසරය පෙරට වඩා උග්‍ර වනු ඇති බව 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ. එහෙත් දිගු කාලීනව චීන ආර්ථික සංවර්ධනය යහපත් වීමේ ප්‍රවණතාව වෙනස් නොවේ. මේ වසරේ චීන නාගරික රැකියා  නියුක්ති නව ඉලක්කය මිලියන 11කට වැඩි බවත් රැකියා නියුක්ති ප්‍රතිපත්ති රාජ්‍ය සාර්ව දර්ශීය ප්‍රතිපත්ති වලට ප්‍රථම වරට ඇතුළත් කර ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

මේ වසරේ ග්‍රාමීය දිළිඳු ජනගහණය අවම වශයෙන් කෝටියකට වැඩි සංඛ්‍යාවකින් අඩු කිරීමට රජය සැලැසුම් කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පැවසීය. රජය නියමිත පරිදි දිළිඳුකම තුරන් කිරීමේදී ගොවින්ට සම්පූර්ණ සැපපහසු ජීවිතයක් ලබා දෙනු ඇතැයි හෙතෙම කියා සිටියේ ය.

2019 වසරේ චීනය විදේශ ආයෝජනය ආකර්ෂණය වර්ධනය කිරීමට සැරසේ. ඒ සඳහා චීන වෙළෙඳපොලට ප්‍රවේශ වීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කෙරේ. ඇතැම් ක්ෂේත්‍රවල විදේශ ආයෝජකයන්ගේ අනන්‍ය ව්‍යාපාරයන්ට අවසර දෙනු ඇත. මූල්‍ය කර්මාන්තයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ විධිවිධාන ක්‍රියාවට නංවාලීමට පියවර ගැනේ. මේ අතර දෙස් විදෙස් ව්‍යාපාරයන්ට සමාන ලෙස සලකමින් ඒවා වෙනුවෙන් වෙළෙඳපොලේ සාධාරණ තරග පරිසරයක් ගොඩනැගීමෙහි නිරත වෙනු ඇත.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.