lakbima.lk

ලොතරැයි ක‍්‍රමයෙන් නැවත හමුවන උතුරු හා දකුණු කොරියානුවන්

2018 මැයි මස උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර පැවති සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍යයන් ද්විත්වයෙන් තෝරා ගත්  පුද්ගලයන් සිය දෙනෙකු නැවත හමුවීමේ වැඩසටහනක් ‘ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය‘  මඟින් ඉදිරි දින කිහිපය තුළ සංවිධානය කිරීමට නියමිත ය.

1950-1953 අතර කාලයේ දී එකිනෙකාගෙන් වෙන් වූ දකුණු කොරියානුවන් 89 ක් ද උතුරු කොරියානුවන් 83 ක් ද මෙහිදී නැවත හමුවීමට නියමිත ය. මෙහි දකුණු කොරියානුවන්  කණ්ඩායම තෝරාගෙන ඇත්තේ ලොතරැයි ක‍්‍රමයකින්  වන අතර  උතුරු කොරියානුවන් තෝරා ගත් පදනම තවමත් අනාවරණය වී නැත.

කෙසේවෙතත්  දෙරට පුද්ගල හමුව දින තුනක් පැවැත්වීමට නියමිත අතර දිනකට පැය කිහිපයක් තම ඥතීන් හමුවීමේ අවස්ථාව පවතියි. ඥතීන් හමුවිය හැකි මුළු පැය ගණන 11 කි. දෙපාර්ශවයේ ම ආරක්ෂාව යටතේ සිදුවන මෙම හමුව උතුරු දකුණු කොරියානු සබඳතා වඩාත් යහපත් කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

 

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.