lakbima.lk

ආර්ථික අර්බුදයෙන් නැවත පිබිදෙන ග‍්‍රීසිය

වසර තුනකින් අනතුරුව යුරෝ කලාපීය ඇපකර වැඩසටහන සාර්ථකව නිම කිරීමට ග‍්‍රීසියට හැකිවී ඇත. 2015 දී ‘යුරෝපානු ස්ථාවර යාන්ත‍්‍රණය ’European StAbility Mechanism (ESM)’ හරහා ග‍්‍රීසියට යුරෝ බිලියන 61.9 ක්  වසර තුනක් මුළුල්ලේම ලබා දි ඇත. ඒ අනුව වසර 8 කට පසුව මූල්‍ය වෙළඳපොලෙන් ණයට මුදල් තබා ගැනිමේ හැකියාව නැවතත් ග‍්‍රීසියට පවතියි. 

2008 හට ගත් ආර්ථික අවපාතයෙන් බිඳ වැටුණු ගී‍්‍රසිය ගොඩ නැඟීමට ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ මැදිහත් වීමෙන් ගෝලීය ඉතිහාසයේ විශාලතම ඇප මුදල වන යුරෝ බිලියන 260 ක මුදල ග‍්‍රීසියට ලබා දුන්නේ 2010 වර්ෂයේ දී ය. කෙසේ නමුත්  පසුගිය කාලයේ දී පැවති දුෂ්කර ආර්ථික තත්වය මුළුමනින් පහව යෑමට සුළු කාලයක් අවශ්‍ය වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් මත පළ කර සිටියි. කෙසේවෙතත් යුරෝපානු ස්ථාවර යාන්ත‍්‍රණයේ සභාපති මාරියෝ සෙන්ටෙනෝ පවසා සිටියේ ‘ග‍්‍රීසිය  තම දෙපයින් නැඟී සිටීවි’  ලෙසයි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.