lakbima.lk

කේරලයේ ගං වතුරෙන් 106 ක් මරුට

පසුගිය සති කිහිපය  තුළ ඇද හැළුණු අධික මෝසම් වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ මේ වන විට දරුණු ගංවතුරක තත්වයක් හට ගෙන ඇත. මේ වන විට මෙම ගංවතුරෙන් පුද්ගලයන් 106 ක් මිය ගොස් ඇති අතර 150 000 කට අධික ජන සංඛ්‍යාවක් අවතැන්භාවයට පත්ව ඇත.

ඊයේ රාත‍්‍රියේ සිට නැවතත් වර්ෂා තත්වය අධික වීමෙන් ගංඟා රැසක වේලි 34ක් වාන් දොරටු විවෘත කිරීමට සිදු වී ඇති අතර තවත් වේලි 80 ක්  අවදානම් තත්වයේ පවතින බවට වාර්තා වේ.

අවතැන්භාවයට පත් ජනතාව සඳහා නොකඩා සහන සැලසෙන අතර දැනට සහන කඳවුරු 1330 ක 147 000 ක් ජනතාවට සහන සලසා ඇත. 540 ක් පමණ හමුදා භටයින් ‘සහන සැලසීමේ මෙහෙයුම්’ සඳහා යොදා ඇති අතර මෙම ගං වතුර තත්වය පහව යන තෙක් ඔවුන් සිය මෙහෙයුම් සිදු කරන බවට ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටියි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.