lakbima.lk

හිප‍පොටේමස් ප්‍රහාරයකින් කෙන්යාවේදි සංචාරකයෙක් මරුට

කෙන්යාවේදී හිප‍පොටේමස් කෙනෙකු ඡායාරූපයට නැගීමට තැත්කළ සංචාරකයෙකුගේ පපුව හිප‍පොටේමස් විසින් සපාකෑම හේතුවෙන් එම තායිවාන ජාතික සංචාරකයා මියගොස් තිබේ.එරට අගනුවර වන නයිරෝබි සිට සැතපුම් පනස් හයක් දුරින් පිහිටි වන උයනක සිටි මෙම හිප‍පොටේමස් පසුපස සංචාරකයා ගොස් ඇත්තේ ඡායාරූපයක් ගැනීමටය. මෙහිදී තවත් තායිවාන සංචාරකයෙක්ද තුවාල ලබා ඇත. මෙම වසර තුළදී මේ වනවිට මෙම ප්‍රදේශයෙදී හිප‍පොටේමස් පහරදීම්වලින් හයදෙනෙකු මරණයට පත්වී ඇත.
ජලාශවල ජල මට්ටම ඉහළයාම නිසා ගොඩබිම සිටින දරුණුතම ක්ෂිරපායි සත්වයා ලෙස සැලකෙන හිප‍පොටේමස්ලා මෙවැනි වන උයන්වලට බහුලව පැමිණෙමින් සිටිති. මියගිය හා තුවාල ලැබූ සංචාරකයන් චීන ජාතිකයන් බව මුලදී කෙන්යා වනජීවි නිලධාරීන් කියා සිටියද ඔවුන් තායිවාන ජාතිකයන් බව පසුව තායිවාන් විදේශ අමාත්‍යාංශය පවසා සිටියේය. තායිවානය සමග කෙන්යාව සෘජු සබඳතා නොපවත්වන අතර චීනය තායිවානය තම රටට අයත් කොටසක් බවට කරන ප්‍රකාශය පිළිගනියි.

සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.