lakbima.lk

ඇමෙරිකාවෙන් රුසියාවට නව සම්බාධක

බ්‍රිතාන්‍යයේ වෙසෙන හිටපු රුසියානු ඔත්තුකරුවන් දෙදෙනෙකුට විෂ රසායන ප්‍රහාරයක් රුසියාව විසින් එල්ලකළ බව සනාථ වී ඇති බැවින් රුසියාවට විරුද්ධව නව සම්බාධක පනවන බව ඇමෙරිකාව කියයි. සර්ගෙයි ස්ක්‍රිපාල් හා ඔහු ගේ දියණිය යුලියා පසුගිය මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ, සැලිස්බරිහිදි විෂ රසායන ප්‍රහාරයකට ලක් වීමෙන් බරපතළ ලෙස රෝගි වූ අතර දැන් ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරී තිබේ. බ්‍රිතාන්‍යය මේ සම්බන්ධයෙන් රුසියාවට චෝදනා කළද රුසියාව එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙලෙස ඇමෙරිකාව නව සම්බාධක පැනවීමද රුසියාවේ විවේචනයට ලක්වී තිබේ.
පසුගිය බදාදා නිකුත්කළ නිවේදනයකින් තම රට ඉහත සිදුවීම හේතුවෙන් රුසියාවට නව සම්බාධක පනවන බව ඇමෙරිකාව කියා තිබිණි. ජාත්‍යන්තර නීතිය කඩකරමින් රුසියාව විෂ රසායනිකයක් භාවිත කර ඇති බවත්,. තම පුරවැසියන්ට එරෙහිව ප්‍රහාරයක් සිදුකර ඇති බවත් මේ වනවිට සනාථවී ඇතැයි එම නිවේදනයෙහි දැක්වෙයි.

සී.එන්.එන්.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.