lakbima.lk

ප‍්‍රංශයේ හදිසි ගංවතුරෙන් 1600ක් ඉවත් කෙරේ

ඊයේ (09) දකුණු දිග ප‍්‍රංශයේ හදිසියේ හට ගත් අධික ගංවතුර තත්වය  හේතුවෙන් එහි රැඳී සිටි 1600ක් පමණ  ගිම්හාන කඳවුරුකරුවන් එම කඳවුරු ප‍්‍රදේශ වෙතින් ඉවත් කිරීමට මුදා ගැනීමේ කණ්ඩායම් රැසක් යොදා ඇති බවට වාර්තා වේ.

හදිසි ගං වතුර තත්වයට පත් වූයේ  Gard, Ardeche and Drome යන ප‍්‍රදේශයි. ඊයේ එනම් (09) ඇද හැලූණු දැඩි වර්ෂාපතනයත් සමඟ හමා ගිය දැඩි සුළඟින් නිවාස රැසක් හානියට පත්ව ඇති අතර Ardeche   ගංඟාව සමීප පහත් බිම් රැුසක් ජලයෙන් යට වීම හදිසියේ ම ආරම්භ විය.

මේ දින වල බොහෝ යුරෝපානු රටවලින්  ඉතා උණුසුම් කාලගුණයක් පවතියි. ගිම්හාන ඍතුවේ කඳවුරුකරුවන් අතරින් බොහෝ දෙනෙක්  කුඩා දරුවන් වන අතර දැනට දරුවන් 119ක් පමණ ගං වතුර ප‍්‍රදේශයෙන් මුදා ගෙන ඇති බව ප‍්‍රංශ පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.