lakbima.lk

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ඇමෙරිකානු ජනපති නව පත්වීම සිදුකරයි

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා වූ පුරප්පාඩුව සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රෙට් කැවනව් පත්කොට තිබේ. මේ සඳහා නිල වශයෙන් අනුමැතිය අවශ්‍යව තිබේ. ධවල මන්දිරයේදී මේ බව නිවේදනය කරමින් තමා තෝරාගත්තේ අති විශිෂ්ට ගණයේ නීති විශාරදයෙකු බව ජනපති පවසා තිබේ. දිස්ත්‍රික් ඔෆ් කොලොම්බියා හි ඇපෑල අධිකරණයක කටයුතු කළ කැවනව් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.

ගබ්සාව,  ආයුධ පරිහරණය හා සරණාගත කටයුතු ගැන තීන්දු  බොහොමයක් මේ අනුව තීරණය වනු ඇත. මෙය ට්‍රම්ප් විසින් රටේ ඉහළම අධිකරණය වෙනුවෙන් සිදුකළ දෙවැනි පත්වීම වන අතර මේ අනුව යම්දිනයක ඔහු ධුරයෙන් ඉවත් වූ පසුවද පරම්පරා ගණනක් යනතුරු නීතිරීති තීරණය කෙරෙනු ඇත. ඉතා ඉහළ සුදුසුකම් ඇති කැවනව් නීති කටයුතුවලදී තමා සාධාරණ බව ඔප්පුකර ඇතැයිද ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය. ජාත්‍යන්තර වශයෙන්ද මෙම යුගයේ බිහි වූ ඉතාම ඉහළ මට්ටමේ නීති විශාරදයෙකු ලෙස කැවනව්ට පිළිගැනීමක් ඇති බවද ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

බි.බි.සී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.