lakbima.lk

ජපානයේ ගංවතුරින් මියගිය ගණන 126 දක්වා ඉහළට

බටහිර ජපානයේ මහ වැසි නිසා ඇති වූ ගංවතුරින් හා නායයෑම්වලින් මියගිය ගණන එකසිය විසිහයක් දක්වා ඉහළ ගොස් තිබේ. දශක තුනක කාලයක් ඇතුළත ගංවතුර නිසා ජපානයේ මියගිය වැඩිම ගණන මෙය බව පැවැසෙයි. විශාල පිරිසක් අතුරුදන්ව සිටින නිසා සහන සේවකයන් මේ වනවිට මඩ හා සුන්බුන් අතරින් ජීවතුන් අතර සිටින්නන් සෙවීමට වෙහෙසෙති.

ගංගාවල ඉවුරු කැඩීයාම හේතුවෙන් මිලියන දෙකක පමණ ජනතාව අදාළ ප්‍රදේශවලින් ඉවත්කොටගෙන තිබිණි. ඉදිරියේදී තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බැවින් ජනතාව ඊට සූදානම්ව සිටිති. මෙම තත්ත්වය නිසා අගමැති ෂින්සොඅබේ තම විදෙස් සංචාරයක්ද කල් දමා තිබේ.

සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.