lakbima.lk

ෆොනී ඉන්දියාව කළඹයි - කෝටි 10ක් අනතුරේ

ෆොනී සුළි කුණාටුව අද පෙරවරුවේ ඔරිස්සා වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු විය හැකි බව එරට කාලගුණ බලධාරීන් පුරෝකතනය කරති.

කාලගුණ අනාවැකිවලට අනුව පැයට කිලෝමීටර් 250 – 305 ත් අතර වේගයකින් සුළි කුණාටුව හමා යනු ඇති බවයි CNN ප්‍රවෘත්ති සේවය කාලගුණඅංශ උපුටාදක්වමින් පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කුණාටුවේ ගමන් මග තුළ මිලියන 100ක පමණ ජනතාවක් වෙසෙන බවයි. දශක දෙකකට පසුව ඉන්දියාවට බලපාන ප්‍රබලතම සුළි කුණාටුව මෙය විය හැකි බවයි කාලගුණවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. සුළි කුණාටුවේ බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින පුද්ගලයින් ලක්ෂ 8 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත දැනටමත් යොමු කර ඇති බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

කුණාටුවෙන් ඔරිස්සා ප්‍රාන්තයට මෙන්ම තමිල්නාඩු, ආන්ද්‍රා ප්‍රදේශ ඇතුළු අසල්වැසි ප්‍රාන්තවලට ද දැඩි හානි සිදුවනු ඇති බවට මේ වන විටත් අනාවැකි පළ කර ඇත.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් කල්කටා ගුවන්තොටුපොළ අද පෙරවරු 9.30 සිට හෙට උදැසන 6.00 දක්වා තාවකාලිකව වසා දැමීමට ද ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

මීට අමතරව දුම්රිය ගමන් වාර 200 ක් ද තාවකාලිකව නතර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයක් ද තාවකාලිකව අත්හිටුවීමට එරට දේශපාලන පක්ෂ කිහිපයක් පියවර ගෙන ඇතැයි පැවසේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.