lakbima.lk

හුවාවි නිසා අමෙරිකාවට හදිසි තත්ත්වයක්

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය ඔස්සේ එල්ලවන තර්ජන හේතුවෙනි.

අමෙරිකානු පරිගණක ජාල, විදේශීය බලවේගයන්ගෙන් රැකගැනීම මෙහි ප්‍රමුඛ අරමුණ වේ.

අමෙරිකාවේ තොරතුරු තාක්ෂණික, සන්නිවේදන තාක්ෂණික, යටිතල පහසුකම් සහ සේවාවල දුබලතාවලින් විදේශීය බලවේග නිරන්තරයෙන් අනිසි ප්‍රයෝජන ගන්නා බයිද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ.

ඒ අනුව අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකෙන විදේශීය විදුලි සංදේශ සමාගම්වල සේවා සහ උපකරණ භාවිතය ඉදිරියට අමෙරිකානු සමාගම්වලට තහනම්වනු ඇති.

චීනයේ ප්‍රමුඛපෙලේ විදුලි සංදේශ සමාගමක් වන හුවාවි සමාගම පදනම් කරගනිමින් ජනපති ට්‍රම්ප් මෙම පියවර ගෙන ඇති බවයි රෝයිටර්ස් පුවක් සේවය  පවසන්නේ. මෙම චීන සමාගමට, සිය නිෂ්පාදන ඔස්සේ සෙසු රටවල් පිළිබද ඔත්තු බැලීමේ නිරතවන බවට අමෙරිකාව ඇතුළු ලොව රටවල් ගණනාවකින් මීට පෙරද චෝදනා එල්ලවී තිබේ.

අමෙරිකාව ගත් මෙම පියවරෙන් දෙරට අතර අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්ලේෂකයියෝ අනුමාන කරති.

කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප්ගේ මෙම තීරණය, අමෙරිකානු පරිගණක ජාල ආරක්ෂා කිරීමට ගත් ප්‍රබල පියවරක් බවයි, අමෙරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති අජිත් පායි පෙන්වා දෙන්නේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.