lakbima.lk

හිටපු අගමැතිගේ නඩුව ඇසීම ඇරඹෙයි

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහි නඩු විභාගය ආරම්භ වී තිබේ. ඒ සඳහා නජීබ් රසාක් ඊයේ (03) දිනයේදී ක්වාලාලම්පූර් අධිකරණයට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රජයේ ආයෝජන අරමුදලක් වන මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාඩ් අරමුදලට ලද මුදල් වංචා කිරීම නජීබ් රසාක්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. ඒ හා සම්බන්ධව බලය අනිසි ලෙස භාවිතා කිරීම, මුදල් විශුද්ධිකරණය, සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා 42ක් ඔහුට එරෙහිව ගොනකර තිබේ..

මෙම නඩු විභාගය ආරම්භ කිරීම කල් යාමට හේතුවී ඇත්තේ හිටපු අගමැතිවරයාගේ නීතීඥ කණඩායම ඉදිරිපත් කර තිබූ අභියාචනා කිහිපයක් හේතුවෙන් බවයි පැවසෙන්නේ. හිටපු අගමැතවරයා මේ වනවිට නිදහස්ව සිටින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ඇපයක් මතය.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.